වරායේ උතුරු පර්යන්තය විදෙස් රටකට දෙන්න සාකච්ඡා කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ බවත් තමා එදා ඒ සාකච්ඡාවට සහභාගිවූ බවත් වරායේ උතුරු පර්යන්තය විදෙස් රටකට දීම පිළිබදව කවුරුත් එලියට ඇවිත් ඇත්ත නොකීම වරායේ ඇතිවි තිබෙන මේ ප්‍රශ්නයට හේතුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් මහතා පවසයි.
අද (2 ) අම්බලන්ගොඩදි පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය.
එහිදි තවදුරටත් කතා කල සජින් ද වාස් මහතා ,
වරාය කියන්නේ අපේ රටේ හදවතයි. දැන් වරායේ වැඩ නැවතිලා දවස් තුන හතරක් විතර වෙනවා. මේක ඉතාම ඛේදජනක ජනක සිද්ධියක්.
අපේ වරායේ උතුරු පර්යන්තය විදෙස් රටකට දෙන්න තීරණය කළේ අද ඊයේ නෙමෙයි. මට මතක හැටියට 2010 -2015 අතර කාල වකවානුවේදියි මේ සදහා සාකච්ඡා කළේ. එදා බලයේ තිබුනේ අපේ ආණ්ඩුවයි. ජනපති මහින්ද රාජපක්ෂ මහතායි. වරායේ උතුරු පර්යන්තය විදෙස් රටකට දෙන්න තීරණය කිරීමේ සාකච්ඡාවට එදා රජයේ බලවතුන් රැසක්ම සහභාගි වුණා.
වරායේ තියෙන මේ ප්රශ්නය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේත් අවධානයට යොමුවෙලා තියෙනවා. එතුමා කියලා තියෙනවා මේ ප්‍රශ්නයට එතුමා භය නැහැ කියලා.
වරායේ උතුරු පර්යනතය විදෙස් රටකට දෙනවාද නැද්ද කියලා හරියටම කියන්න කෙනෙක් නැහැ. මේ ගැන ඇත්ත කියන්නෙ කෙනෙක් නැහැ. ඇත්තටම වරායේ උතුරු ප්ර්යන්තය විදෙස් රටකට දෙනවාද නැද්ද කියලා එලියට ඇවිත් කියන්න කෙනෙක් නැහැ. ඒ තාක් කලක් මේ ප්‍රශ්නයට විසදුම් නැහැ.
වරායේ වැඩ නැහැ කියලා කියන්නේ රටකට විශාල පාඩුවක් .මේක කියන්න බැරිතරම් පාඩුවක් . එහෙම පාඩුවක් වෙද්දිත් ආණ්ඩුව මේ ගැන නිහඩව සිටීම පුදුමයට කරුණක්. අපි කියන්නේ ආණ්ඩුව වරායේ සේවකයින්ට ඇත්ත කිවයුතුයි. එහෙම නැතුව මේ වරාය සේවකයින්ගේ වර්ජනය විසදන්න බැහැ. රජය මේ ගැන වහාම මැදිහත් වෙලා වරායේ වර්ජනය විසදිය යුතුයි.