නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන අතිරේක දොඹකරයක් ශ්රී ලංකා වරාය අධිකාරිය වෙත ප්රසම්පාදනය කිරීමේ කොන්තාත්රව චීනයේ M/s Shanhai Zhenhua Heavy Industries සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් කරන දොඹකර 03ක් ජයබහාලු පර්යන්තයේ (V) අදියරේ ජැටිය සඳහා සැපයීම, ස්ථාපිත කිරීම හා ක්රියාත්මක කර පෙන්වීම සඳහා වන කොන්ත්රාත්තුවක් මීට පෙර M/s Shanhai Zhenhua Heavy Industries සමාගම වෙත ලබාදීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණි.