ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයන් 600කට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වූ ප්රවෘත්ති අසත්‍ය බව එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් සංඛ්‍යාව 9000ක් පමණ බවත් එයින් කොවිඩ් ආසාදනය වී ඇත්තේ සේවකයන් 31කට බවත් වරාය අධිකාරිය පවසයි.
එසේම වරාය අධිකාරියේ සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අහඹු ලෙස සිදුකරන බවත් එයින් පුද්ගලයන් 20ක් ආසාදිත වී ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.