හැටන් රංජිත් රාජපක්ෂ
වර්තමානයේ මිනිසුන්ගේ සංකල්ප වෙනස් වි දේශපාලන බුද්ධියක් සහිත ජනතාවක් බිහි වි ඇති බව ශ්රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් අපෙක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල පැවසිය.
කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බැව් කියා සිටියේ (22) දින නාවලපිටිය ප්රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමක් අමතමිණි.
මෙහිදි අදහස් දැක් වු කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ
දැන් මිනිස්සුන්ගේ සංකල්ප වෙනස් වෙලා තියෙනවා එදා කැපුවත් කොළ නිල් රතු පාටයි කිව්ව එක එහෙම , අද දේශපාලන බුද්ධියක් සහිත ජනතාවක් බිහි වෙලා ඉන්නවා. තරුණ පරම්පරාව වෙනස් වෙලා තියෙනවා , පුංචි ළමයි තමයි දෙමව්පියන්ට කියන්නේ රට යන විදිහ බලලා ජන්දය ලබා දෙන්න කියලා.
එ නිසා තමයි මේ රටේ තරුණ පරපුරත් , ජනතාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එක් වු ශ්රි ලංකා පොදු ජන පෙරමුණ සමග එක්වෙලා ඉන්නේ. ඩි.එස්.සේනානායක මහතා ආදේශ කරන්න පුළුවන්ද රනිල් වික්රමසිංහට ?
ඩඩ්ලි සේනානායක මහතාගේ පිවිතුරු දේශපාලනය සජිත්ගෙන් තියෙනවද? එස්.ඩබ්ලිව්.ආර්.ඩි.බණ්ඩාරණායක මහතාව සමාන කරන්න පුළුවන්ද මෛත්රිපාල සිරිසේනට. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපෙක්ෂකයන් පිලිබදව ජනතාව දන්නෙත් නැ යනුවෙන් පැවසිය.