බන්ධනාගාරවල වහලයන් මත නැගී දේපලවලට අලාභහානි සිදු කරන කිසිදු සිරකරුවෙකු බන්ධනාගාරය මගින් ලබා දෙන කිසිදු සමාවකට සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළේ බන්ධනාගාරවල ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන කිසිදු සිරකරුවෙකුට එම අවස්ථාව ලබා නොදෙන බවයි.
මරණ දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් දක්වා ලිහිල් කරන ලෙස ඉල්ලමින් වැලිකඩ සහ මහර බන්ධනාගාරවල රැදවියන් පිරිසක් ආහාර වර්ජනයේ නිරත වී සිටිනවා.
මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 25 දෙනෙකුට ආසන්න රැඳවියන් පිරිසක් වහලය මත නැග සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.