රජයේ වෘත්තීය සමිති රාශියක්ම මේ වන විට වෘත්තීය සමිත ක්‍රියාමාර්ගවලට එක්ව තිබේ.
දුම්රිය, ගුරු හා විදුහල්පති, විධායක සේවා, පාසල් අනධ්‍යන, විශ්ව විද්‍යාල අනධ්‍යන, පිරිවෙන් ගුරුවරු ඇතුළු පාර්ශ්ව කිහිපයක් අද දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.
මීට අමතරව ඉදිරියේදී පරිපාලන සේවා, වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන්ද විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට තීරණය කර තිබේ.
මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ. අනෙක් අතින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
වත්මන් රාජ්‍ය පාලනය තුළ වැඩවර්ජන රාශියක් ක්‍රියාත්මක වූ අතර ඒ හේතුවෙන් අහිමිවූ මිනිස් ශ්‍රම පැය ගණන මිලියන ගණනක් වෙයි.
මේ පිළිබඳව අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ රටක් ලෙස ඉදිරියට යෑමේදී මෙවැනි වර්ජන දැඩි බලපෑමක් ඇති කරන බවයි.