වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලක් ඇතිවුණා
ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වර්ජන රැල්ලත් සමග කොවිඩ් රැල්ලක් ඇතිවූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලත් ආරම්භ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. රටේ ජනතාව එන්නත්කරණය කිරීමේ පළමු මාත්‍රාවෙන් පස්සේ සියලුම කොවිඩ් මාර්ගෝපදේශයන් කඩකරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පරමාර්තය කියන න්‍යාය යටතේ දේශපාලන බලාපොරොත්තුවක් ඉටුකර ගන්න මුළු රටේම ජනතාගේ ජීවිතය අමාරුවේ දැම්මා.
මේ කොවිඩ් වැඩිවුණේ වර්ජන රැල්ලත් එක්ක. වර්ජන රැල්ල නිසා සාමාන්‍ය ජනතාවට කොතරම් අසාධාරණයක් වුණාදැයි කියන එකයි ප්රශ්නය.
විපක්ෂය කියනවා රට වහන්න කියලා. රට වහන්න නෙමෙයි මම විපක්ෂයට කියනවා අපි වර්ජන රැල්ල නවත්තමු”