වරකාපොල නගරයේ සුපිරි වෙළෙඳ සැලක් තුළ ඊයේ (29දා) ඇති වූ ගින්නක් හේතුවෙන් එහි තැබෑරුමට හානි සිදු වී ඇති බව වරකාපොළ පොලීසිය පවසයි.
මෙම ගින්න හේතුවෙන් ඇති වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළෙඳ සැලෙහි කළමනාකරු හා තවත් සේවකයන් තිදෙනකු ඇතුළු ව සිව් දෙනෙකු සැකපිට වරකාපොල විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වරකාපොල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒළැඹෙන 6 දා තෙක් අත්අඩංගුවට ගෙන තිබේ.