දිස්ත්‍රික්ක 17ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැටහතක වියළි කාලගුණ තත්ත්වයක් ඇති වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ හේතුවෙන් පවුල් අසූනවදහස් හත්සියදහතුනකට අයත් පුද්ගලයන් තුන්ලක්ෂ හත්දහස් නවසිය හැත්තෑවක් පීඩාවට පත්ව තිබේ.
මෙම පිරිස පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින අතර, මීට අමතරව අහස් දියෙන් වගා කටයුතු කළ ගොවි ජනතාව වගාවට අවශ්‍ය ජලය නොමැතිවීම හේතුවෙන්ද ගැටලු රාශියකට මුහුණ දී සිටින බව වාර්තාවේ.