දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් ඉදිරි දින කිහිපයේදි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව ඌව පළාතෙත්, මඩකලපුව, අම්පාර, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් වයඹ පළාතෙත්, මොනරාගල, අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමිටර් 40ක් දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුවට අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.