දිස්ත්‍රික්ක හයකට ඇති වී තිබෙන වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් විසිතුන් දහස් අටසිය හැට හතරකට අයත් පුද්ගලයන් අසූතුන් දහස් පන්සිය දාහතරක් පීඩාවට පත්ව තිබේ.
මෙම පිරිස් පානීය ජල ගැටලුවලට මුහුණ පා සිටින බවත්, බොහෝ වගාවන්වලටද බලපෑම් සිදුව තිබෙන බවත් වාර්තාවේ.
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3324කට අයත් පුද්ගලයන් 12819ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 8150කට අයත් පුද්ගලයන් 30,497ක්, මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 350කට අයත් පුද්ගලයන් 1213ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 260කට අයත් පුද්ගලයන් 990ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1982කට අයත් පුද්ගලයන් 6586ක්, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 9783කට අයත් පුද්ගලයන් 31,429ක් පීඩාවට පත්ව තිබේ.
මේ පිළිබඳව %අද^ අප ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ ජල බවුසර මගින් ජනතාවට ජලය බෙදා දීම සිදුකරන බවයි.
ජල ගැටලුවක් පවතින්නේනම් 117 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.