Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
ව්‍යවස්ථාවට අනුව වැඩකරනවාද නැත්ද කියන කරුණ තිබෙන ප්‍රශ්ණය බවත් වර්තමානයේ පවතින ගැටලුව ඉක්මනින් අවසන් කළ යුතු බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අරලිය ගහ මන්දිරයේ අද (04දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මෙතන තියෙන්නේ එක ප්‍රශ්ණයයි. ව්‍යවස්ථාව අනුව වැඩ කරනවද? නැත්ද? කියන එකයි මෙතන තියෙන ප්‍රශ්ණය. මැතිවරණ ගැන ප්‍රශ්ණයක් නෑ. ඔක්කොම කරන්න ඕන ව්‍යවස්ථාව අනුවයි. ජනතාවගේ පරමාධිපත්‍ය පිළිඅරගෙන ක්‍රියාකරන ආකාරය තියෙන්නේ ව්‍යවස්ථාවෙයි.
අපිට ව්‍යවස්ථාවේ පිට යන්න බෑ. හිට්ලර් කිව්වේ ජනතාව මං එක්කයි කියලා. හිට්ලර් එහෙම කියලා තියෙන ව්‍යවස්ථාව ඉවත් කරලා රාජ්‍ය ආරක්ෂා කරන නීතියක් ගෙනාවා. හැම කෙනාම කියන්නේ ජනතාව අපි සමගයි කියලා.
මෙතන තියෙන්නේ ව්‍යවස්ථාව ගරුකරනවද නැත්ද කියන ප්රශ්නය විතරයි. පළමුවෙන්ම නීත්‍යානුකූල ආණ්ඩුව යෝජනාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව තුනෙන් දෙකක් අනුමත කළොත් අපිට පුළුවන් අවුරුදු හතරහමාරකට පෙර ඡන්දයකට යන්න පුළුවන්.
තමන්ගේ නැකතට ඡන්දේ තියපු ආණ්ඩු අන්ත පරාජයකට ලක්වුණා.අපේ ව්‍යවස්ථාවේ අගමැතිවරයෙක් තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කෙනයි.
මෙතන ඉන්නේ ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කරන අය. අපි මේ සෙල්ලම දැන් නැවැත්විය යුතුයි. ජනතාව කියන්නේ ප්රජාතන්ත්රවාදය අනුව කටයුතු කරන්නයි. මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමත්, ඇමති කියලා කාඩ්බොඩ් උස්සගෙන ගිය අයටත් කියන්නේ මෙතන ඉදන් ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කියලයි.
අපි ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා දිවුරුම් දීලා තියෙනවා. ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැරිනම් මෙතන ඉන්න අයිතියක් නෑ. ඒ ව්‍යවස්ථාවට පටහැනිව ඒ කාරණා වුවමනා කියන අය ව්‍යවස්ථා විරෝධීන්. පක්ෂ සියල්ලම එකඟවන දවසක අපි ඡන්ද තියමු.
අපි මේ ගැන කතා කරන්නේ නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ විතරයි. අපේ අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා. නීතිය අනුව කටයුතු කරන්න. ව්‍යවස්ථාව අනුගමනය කරන්න හිට්ලර් වගේ වෙන්න එපා”
popular news
Missaka Tuesday, 04 December 2018 01:40 PM
මේ 225 ම එලවා දමා, තනි ඍජු, අවංක පුද්ගලයකුට රටේ පාලනය බාර දිය යුතුයි. පාර්ලිමේන්තුව ජනතාවගේ මුදල් අපහරණය කරන ආයතනයක් පමණයි.
Reply : 5 64
රත්නසේන Tuesday, 04 December 2018 02:04 PM
හිට්ලර්ට අගෞරව නොකරන්න - ඔහු තම ජාතියට අසීමිතව ආදරය කරමින් තම ජාතිය උසස්කොට සැලකු අපුරු නායකයෙක්!
Reply : 1 30
Nandana Tuesday, 04 December 2018 04:05 PM
මේ වගේ අයට හිට්ලර් කියන්න එපා, හිට්ලර් තම රටට ආදරේ කලා,
Reply : 0 15
rocky Tuesday, 04 December 2018 04:26 PM
මහත්තයෝ, මීහරකා කියන එකා හරවන්න බැහැ. ඌ යන්නේ මඩටමයි. උත්පත්ති ගතිය. ඌ එක්ක කතා කරලා පලක් නැහැ. වෙන මොකක් හරි පිළිවෙලක් ගැන හිතලා ඌව මස් කඩේට වත් දක්කන්න!
Reply : 22 14
rocky Tuesday, 04 December 2018 04:44 PM
හිට්ලර් එක්ක සංසන්දනය කරනකොට අපේ අතිගරු ජනාධිපති කවුද?
Reply : 21 10
Prabath Wednesday, 05 December 2018 11:27 AM
දඟලන්නේ නැතුව අකිල හරි සාගල එක්ක හරි සමනල වැඩකට යන්නකෝ. කොහොමද මහා බැංකුවේ ගැහිල්ල. රට උකසට දෙන වැඩටික එහෙම කොහොමද. ටී. එන්. ඒ. එකෙට අරක දෙන එක එහෙම කොහොමද. තානාප්තිලත් සමනල රෑනේද? ඩයස්පෝරාව එක්ක වැඩටික හරිද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd