තණමල්විල දන්කොටේ ප්රදේශයේදී වියලි ගංජා කිලෝග්රෑම් 09 ග්රෑම් 300 ක් ස්ථානයක සඟවා තිබියදී සොයාගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂකාර්ය බලකා කදවුරේ නිලධාරීහු ඊයේ 15 අළුයම් කාලයේදී සමත් වී තිබේ.
අම්බලන්තොට කදවුරේ උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එල් දිල්ශාන් මහතා වෙත පුද්ගලයෙකු මහා පරිමාණයෙන් වියලි ගංජා ජාවාරම සිදුකරන බවට ලද බුද්ධි අංශ තොරතුරක් මත 15 අළුයම් කාලයේදී තණමල්විල පොලිස් වසමේ කිවුල දන්කොටේ හන්දිය ප්රදේශයේ සැකකරුගේ නිවස අවට රැකවල් ලා සිට සිදුකල සෝදිසි වැටලීමකදී නිවසට ආසන්න මාර්ගයක දමා ගොස් තිබීයදී මෙම පාර්සලය හමු වී ඇත.
එම පාර්සලය පරීක්ෂා කිරීමේදී එහි තිබී මෙම වියලි ගංජා සොයා ගැනීමට හැකි වූ බව නිලධාරීහු පවසති.වියලි ගංජා තොගය සොයාගන්නා අවස්ථාව වන විට සැකකරු සම්බන්දයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු සදහා වියලි ගංජා තොගය තණමල්විල පොලිස් ස්ථානය වෙත භාරදීමට නිලධාරීහු කටයුතු කළහ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට