වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් පියරත්න දසනායක මහතා වයඹ නාවික මුලස්ථානයේදී පෙරේදා (18දා) දින වැඩ භාර ගැනිම සිදුවිණි.
වයඹ නව නාවික විධානයේ ආඥාපතිවරයා ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් වැඩ ඇරඹූ දසනායක මහතා කලකට පෙර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ සමයේ මාධ්‍යවේදින් සමග සුහදව කටයුතු කල අයෙකි.
වයඹ නාවික ආඥාපති ලෙස කටයුතු කිරීමට පෙර දසනායක මහතා නාවික හමුදා මුලස්ථානයේ සැපයුම් කළමණාකරන ඒකකයේ අධ්යක්ෂ ලෙස කටයුතු කර තිබුණි.