ඇදිරි නීතිය අවස්ථාවේදී හෝමාගම නියදගල ප්‍රදේශයේ නිත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රොගින්ට ප්‍රතිකාර කරමින් සිටි ව්‍යාජ වෛද්‍ය වරයෙකු අද (28) දා අත්අඩංගුවට ගෙන එම වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබු බව හොමගම පොලීසිය පවසයි .
මෙම පුද්ගලයා මිට පෙර අවස්ථා දෙකකදිද ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිට අත්අඩංගුවට පත් අයකු බවද පැවසේ .
.
ඇඳිරිනීතිය අවස්ථාවේදී පවතින නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථානයක් පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත පොලීසිය එක්ව මෙම වැටලීම සිදු කෙරිනි.
වැටලීම සිදුකරන අවස්ථාවේදී ප්‍රතිකාර සඳහා විසි දෙනෙකුට අධික පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර එක් රෝගියෙකුගෙන් රුපියල් රු.1500 සිට 2500 අතර මුදලක් අයකර ඇති බවට කරුණු අනාවරණය වූ බව ද පොලීසිය පවසයි .
මේ අතර හෝමාගම මහරගම කොට්ටාව බණ්ඩාරගම හොරණ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයා සිටි බවද පැවසේ.
මේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් සැකකරු සන්තකයේ තිබිය යුතු අතර එවන් නීත්‍යානුකූල සහතිකයක් සැකකරු සන්තකයේ නොතිබූ බවද පොලීසිය පවසයි.
තවදුරටත් සිදුකළ විමර්ශනයේදී මෙසේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරියෙක් ලෙස සේවය කරන අයකු බවට කරුණු අනාවරණය වූ බව ද පොලීසිය පවසයි .
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගත් අතර හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පනවා ඇති නිරෝධායන පනත උල්ලංඝනය කොට මෙම ස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර දී කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අදාළ ස්ථානයට මුද්‍රා තැබීමට ද පියවර ගත් බව පැවසේ .
මේ පිළිබඳව හෝමාගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතාගේ හා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා ඇතුළු නිලධාරීන් ඉදිරි පරීක්ෂණ පවත්වයි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න