ලියාපදිංචි වී තිබෙන ප්‍රසිද්ධ වෙළඳ සමාගමක නමින් සහ වෙළඳ සලකුණ කූට ලෙස භාවිතා කරමින් බීඩි නිෂ්පාදනය කර බෙදා හැරීමේ නිරත වූ මොරන්තුඩුව පනාපිටිය ප්‍රදේශයේ ස්ථානයක් අද 15 වටලා රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා බීඩි කොළ ඇතුළු ඇසුරුම් උපකරණ රැසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි .
මෙම පුද්ගලයා සමග බීඩි කොළ ,දුන්කොල කුඩු ,ඇසුරු නොකරන තරාදියක් සහ තවත් උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත
කළුතර උතුර පොලිසිය ට ලද රහසිගත තොරතුරක් අනුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම සිදු කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් තිස්සේ බීඩි නිෂ්පාදනය කරන වෙනත් සමාගමක නාමය සහ වෙළඳ සලකුණ භාවිතා කරමින් මෙම ව්‍යාපාරය කරගෙන ගොස් තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ