අධ්‍යක්ෂකවරයෙකුගේ අත්සනක් ව්‍යාජ ලෙස සකස් කර විදේශිකයන් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට රැකියා වීසා නිර්දේශ ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි එම අධිකාරිය පවසයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ මූල්‍ය අංශයේ සේවය කළ බව කියන පුද්ගලයා ජූලි 22 වන දින අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වා ඇති සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය, අතීතයේ දී මෙවැනි අක්‍රමිකතා බොහෝමයක් සිදුවී ඇති බවත්, ජනවාරි මාසයේ සිට එම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් සිටින බවත් පවසා සිටියි.
මේ අතර, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපකීර්තියට පත් කරන එවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හේතුවෙන්, කලබලයට පත් ඇතැම් කාර්ය මණ්ඩල සාමාජිකයින් නායකත්වය අපකීර්තියට පත්කිරීමට උත්සාහ කරන බවත් ඇය සඳහන් කරයි.
එහෙත් මෙවැනි දේ සඳහා උපරිම පියවර ගන්නා බවත්, අවශ්‍ය වෙනස්කම්ද අපි පවත්වාගෙන යනු ලබන බවත් සභාපතිනි පවසා සිටියි. එහිදී ආයතනයේ ක්රියාදාමයන්හි දීර්කාලීනව පවතින මූලික අඩුපාඩුකම් විසඳීම සඳහා අවධානය යොමු කරමින් සිටින බවත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සහ සමහර බාහිර පාර්ශවකරුවන්ගේ දැඩි විරෝධය නොතකා, අවශ්‍ය වන වෙනස්කම් අඛණ්ඩව සිදු කරන බවත් ඇය අවධාරණය කරයි.