මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ දැඩි සුළං තත්ත්වයක් සමග අධික වැසි තත්ත්වයක් පවති.
පවතින වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය ඊයේ දින පස්වරුවේ සිට වාන් දැමිමට අාරම්භ වි ඇති අතර , පවතින අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 4 ක් දක්වා , කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3 දක්වා ළගා වි ඇති බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
පවතින දැඩි සුළං තත්ත්වයත් සමග ප්‍රදේශයේ විදුලි රැහන් සහ විදුලි කණු ගණනාවක් කඩා වැටිම හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලි බලයද ඇණ හිට ඇත.
හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් විසින් බිද වැටි ඇති විදුලි බලය ලබා දිමට මේ වන විට කටයුතු කරමින් සිටියි.
පවතින දැඩි සුළං තත්ත්වයත් සමග නිවාස රැසක් මතට පසුගිය දින කිහිපය තුල ගස් කඩා වැටිමෙන් ආපදා රැසක් සිදු විය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කදුකරයේ දිය ඇළි සක්‍රිය වි එම දිය ඇළි වල පහලට කඩා හැලෙන ජල ධාරිතාව ඉහල ගොස් ඇත.