ආසියාවේ පැරණිතම ශිෂ්‍යභට ව්‍යාපාරයක් ලෙස ජාතික ශිෂ්‍යභට ව්‍යාපාරය රට වෙනුවෙන් ඓතිහාසික කාර්යයභාරයක් ඉටුකරමින් ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවති පසුගියදා හර්මන්ලූස් කුසලාන තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
“අපට අමතක කරන්න බෑ , සාරධර්ම වලින් පිරිපුන් විනයගරුක, අභියෝගවලටමුහුණදියහැකිපුරවැසියන් බිහිකිරීමට සියවසකට වැඩි කාලයක් පුරා ජාතික ශිෂ්‍යභට බලකාය ලබාදුන්න සුවිශේෂි දායකත්වය.ඒ පිළිබඳව අප සියළුදෙනාගේම ගෞරවය ජාතික ශිෂ්‍යභට බලකායට පුද කල යුතුයි.
විශේෂයෙන්ම දශක තුනක් පුරා අපේ මාතෘභූමියට මහා පිළිලයක්ව පැවති කුරිරු ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරන සටනේදී එදා පාසල් සමයේ ශිෂ්‍යභටයන් ලෙස කටයුතු කල රණවිරුවන් විශාල පිරිසක් සුවිශේෂ නායකත්වයක් ලබාදුන්නා.
අපේ රටේ මුල්පුරවැසියා ලෙස කටයුතු කරන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් පාසල් සමයේ ශිෂ්‍ය භටයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ වාගේම ව්‍යාපාරිකයන්, රාජ්‍ය හා පුද්ගලික ආයතන වල විධායක නිළධාරීන් වැදගත් තනතුරු දරන බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් ශිෂ්‍යභටයන් ලෙස ලබාගත් අත්දැකීම් ජීවිතයේ සාර්ථක ඉදිරි ගමනට යොදාගත්තා.
පාසල් සමයේදී ජාතික ශිෂ්‍යභට බළකායට සම්බන්ධවීම ජීවිතය දිනන්න පුළුවන් හොඳම මාර්ගයක් ලෙස අපට පෙන්වා දෙන්න පුළුවන්. විභාග පමණක් ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමයකින් රටට සාර්ථක ඉදිරි ගමනක් යන්න බෑ. විෂය භාහිර අත්දැකීම් සහිත දරුවන් නිර්මාණය කිරීම රටේ අනාගතයට ඉතාම වැදගත්. ඒ නිසා මෙවැනි විෂයබාහිර කටයුතු කෙරෙහිත් විශේෂ උනන්දුවක් ඇති දරුවන් බිහි කල යුතුයි. වර්තමානය වන විට පාසල් දරුවන් මෙවැනි විෂය භාහිර ක්‍රියාකාරකම් සඳහා උනන්දු කිරීමට ඇගයීම් ක්‍රම හඳුන්වා දී තිබෙනවා.”