ගංවතුරෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 32ක් යොදවා තිබෙනවා.
එම සහන කණ්ඩායම් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යොදවා ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
නාවික හමුදාව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහය ඇතිව වක්වැල්ල පාලම තුල සිර වූ දැව කදන් ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ මෙහෙයුමක්ද සිදුකෙරිණි.