පළාත් පාලන මැතිවරණය වසර එකහමාරකින් කල් දැමූ, පළාත් සභා මැතිවරණය වාෂ්ප කර දැමුරනිල්- සජිත්-අනුර-හකීම් කල්ලිය කොවිඞ් වෛරසය පෙරට දමමින් තමන්ගේ මැතිවරණයකට යාමට ඇති බිය වසා ගැනීමට හදන බවත් ඒ සඳහා දැන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිමය වෙට්ටු උපයෝගී කර ගනිමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
තම 2015- 2019 පාලන කාලය තුළ ජනතාවට ලබාදුන් කිසිවකුත් නොමැති නිසා මෙම රනිල් -සජිත්- අනුර -හකීම් හවුල ජනතාව ඉදිරියට යාමට නොහැකිව බියෙන් සලිතව සිටින බවත් ඒ බිය නිසාම ඔවුන් පසුගියදා සජිත් පේ‍්‍රමදාසගේ අලූත් පක්ෂයේ අපේක්ෂකයෙකුගේ පුත්‍රයකු ලවා ඡන්දය කල් දමන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කරවා ඇති බවත් මුසම්මිල් මහතා අවධාරණය කර සිටියේය.
කොවිඞ් -19 වසංගතය ලොව පුරා පැතිර ගොස් ඇති බවත් එය නිමවන දිනයක් කිසිවෙකුටත් පැවසිය නොහැකි නිසා සෞඛ්‍යාරක්ෂිතව ලෝකවාසීන්ට තම ආර්ථික -සමාජ ක්‍රියාකාරකම් පවත්වාගන්නා අතර ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරකම්ද පෙර පැවති තත්ත්වයන්ගේ යම් වෙනසක් සහිතව පවත්වාගෙනයාමේ අභියෝගය මතුව ඇති බවත් ජවිපෙ ප්රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම යථාර්ථයට පිටුපායමින් මෙරට මැතිවරණ කොමිසම මහමැතිවරණය පැවැත්වීම කොවිඩි - 19 පැතිරයාම බිංදුව වනතෙක් කල් දමා ඇති බවටත් එය අද රනිල් - සජිත් -අනුර- හකීම් කල්ලියට පරාජයේ විලිවසා ගැනීමට උපකාර කරමින්‘මැතිවරණ නොපවත්වන කොමිසමක්’ බවට පත්ව ඇති බවටත් මුසම්මිල් මහතා චෝදනා කර සිටියේය.