පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ ශ්රී ලංකාවේ විපක්ෂනායක ලෙස කටයුතු කළ පුද්ගලයන්ගේ ඡායාරූප ඇතත් මහින්ද රාජපක්ෂ මහතාට ප්රථමව විපක්ෂනායක ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන් මහතාගේ ඡායාරූපයක් එම කාර්යාලයේ නොමැති බව දක්නට ලැබේ.
පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතා අද (22දා) එම කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කරනු ලැබීය. එහිදී මේ බව දැකගත හැකිවිය. එදා මෙදා තුර පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් ලෙස කටයුතු කළ සියලු දෙනාගේ ඡායාරූප එම කාර්යාලයේ බිත්තියේ එල්ලා ඇතත් සම්බන්ධන් මහතාගේ ඡායාරූපයක් එහි නොවීය.
2015 ජනවාරි 08 දා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ජනපති ලෙස පත්වීමෙන් පසුව බිහිවූ කෙටි කාලීන ආණ්ඩුවේ විපක්ෂනායක ලෙස කෙටි කලක් කටයුතු කළ නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ඡායාරූපයක්ද මෙහි වෙයි.