වඳවී ගිය බව කියූ කලු කොටින් ශ්රී පාදයෙන් හමුවෙයි
ශ්රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ.
කලු කොටින් නෙතට ගැටුණු බව පැවැසූ ප්රදේශවල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සවිකළ කැමරාවල මෙම කලු කොටින් සටහන්ව තිබේ.
ගැහැණු සත්වයෙකු, පිරිමි සත්වයෙකු හා තවත් පැටවුන් දෙදෙනෙකු මෙසේ කැමරාවක සටහන්ව තිබූ බවට සඳහන් වෙයි.
මීට වසර කිහිපයකට පෙර ශ්රී ලංකාවේ කලු කොටියෙකු මන්දකට හසුවී මියගොස් සිටියදී සොයා ගැණුනු අතර එම සත්වයාගේ හම යොදාගෙන සත්වයෙකු නිර්මාණය කර ගිරිතලේ මහජන ප්රදර්ශනයට තබා තිබේ.
වර්ණභේද වෙනස්වීම හේතුවෙන් මෙම සතුන් නිර්මාණය වන අතර ඔවුන් සිසිල් හා අඳුරු ස්ථානවල රැඳී සිටින බව සඳහන් වෙයි.
2019 වසරේදී මෙම සතුන් මුලින්ම හමුව තිබේ. කලු කොටින් ඉතාමත් දුර්ලභ වෙයි.


popular news
-
Champa Monday, 20 January 2020 06:32 PM
දැක්කමත් ආස හිතෙනවා. මේ ඉතාම දුර්ලභ සතෙක්. වන ජීවී දෙපාර්තුමේන්තුවට මේ සතා ගැවසෙන ස්ථාන ගැන ඇහැගහගෙන ඉන්න වෙයි පරිස්සම් කරගන්න. ලංකාවේ මේ හම්බ වෙලා ඉන්න බ්ලැක් පැන්තර් කියන්නේ දිවියන් වර්ගයක්. ලංකාවේ කොටි නැහැ ඉන්නේ දිවියන්. වෙනස තියෙන්නේ කොටියාගේ තියෙන දුඹුරු පැහැයට හුරු හමේ තියෙන්නේ කළු ඉරි. දිවියාගේ රන්වන් පැහැයට හුරු, සමහර විට තද කහ පැහැයට හුරු හමේ තියෙන්නේ කළු තිත් (රොසෙට්ටු හැඩයේ). මේ බ්ලැක් පැන්තර්ගේ හමේ පාට වෙනස් වුනේ මෙලනින් වර්ණකය වැඩි වීම හින්ද කියන එක හරි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

