ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන බවත් විනය කඩකිරීම්වලට සමාව නොදෙන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ප්‍රදේශයේ පැවති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ අවස්ථාවකදී ඊයේ (07) ඔහු මේ බව පැවැසීය.
“පැහැදිලිව කියන්න අවශ්‍යයි ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ක්‍රීඩා සංගම්වලටත් අපි දැනුවත් කරලා තිබෙනවා කිසිසේත් විනය කඩ කිරීම් වලට සමාව දෙන්න පුලුවන් කමක් නැහැ කියලා. විනය ප්‍රධානකොට ගෙන ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අපි හදන්න අවශ්‍යයයි.
අම්මා කෙනෙක් දරුවෙක් ක්‍රීඩාවට එවන්නේ බලාපොරොත්තුවක් ඇතිව. අම්මා තාත්තා විශ්වාස කරනවා දරුවා ක්‍රීඩකයෙක් බවට පත් වෙනකොට ඒ දරුවාගේ විනයත් හැදෙයි කියලා.
සමාජයේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරයි කියන විශ්වාසේ ඔවුන්ට තිබෙනවා. ඒ දේවල් ආරක්ෂා කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ.
ක්‍රීඩකයා ක්‍රීඩා කරන කාල සීමාව තුළ තමන්ගේ විනය ආරක්ෂා කරගෙන ආදර්ශමත් ක්‍රීඩකයෙක් බවට පත් වුවහොත් ඔහුට අනාගතය ගොඩනගා ගත හැකි සැළැස්ම අපි හදනවා.”