වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුටත් කොවිඞ් 19 වෛරසය අසාදනය වී ඇති බව දංකොටුව වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම මන්තී‍්‍රවරයා දින 14ක් තම නිවසේම ස්වයං නිරෝධායනයකට ලක් කරසිටි අතර ඉකුත් 16දා සිදුකළ පී. සී. ආර් පරීක්ෂණයක ප්‍රතිඵල 18දා ලැබීමෙන් අනතුරුව මෙම මන්ත්‍රීවරයාට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල ගුණවර්ධන මහතා පවසයි.
මෙම මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා කොරෝනා ප්රතිකාරක රෝහලකට ඇතුලත්කර ඇති අතර ඔහුගේ නිවසේ පවුලේ පිරිස තවදුරටත් ස්වයං නිරෝධායනයකට ලක්කර ඇත.
ඒ අනුව මෙම වසංගත තත්වයෙන් මිදීමට සෞඛ්‍ය නීතිරීති නිසිආකාරයෙන් පිළිපදිමින් කටයුතුකරන ලෙසට මහජනතාවගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
ලලිත් ඒ කේ නවරත්න