කල්ලාරු වනාන්තර විනාශය කිරීම සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතාට අධිකරණය දුන් තින්දුව වැදගත් ඉදිරි පූර්වාදර්ශයක් බවත් ඒ සඳහා කටයුතු කළ සියලුම මාධ්‍ය ආයතන , පරිසර යුක්ති කේන්ද්‍රයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ සම්බන්ධව අදහස් පළ කලේ ඊයේ (16) පස්වරුවේ පරිසර අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදින් විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
විල්පත්තුව කල්ලාරු හි අක්කර 2388ක් ජනාවාස කරන්නේ යැයි කියමින් එම වනාන්තරය විනාශ කිරීම සම්බන්ධව රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අධිකරණයට ගිය පරිසර යුක්ති කේන්ද්‍රයට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
එහි සභාපතිතුමා හා විධායක අධ්යක්ෂ දෙදෙනා විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු නිසා කල්ලාරු වනාන්තර විනාශයට මේ වනවිට සාධාරණ තින්දුවක් අධිකරණය විසින් ලබා දි තිබෙනවා. බොහෝ දෙනෙක් කැළේ තියෙන්නේ කපන්න කියළා හිතුවට වනාන්තර තිබෙන්නේ කපා විනාශ කරන්න නෙමෙයි. ජීවයේ පැවැත්ම තිබෙන්නේ ස්වාභාවික පරිසරය මතයි. ඒ නිසා අධිකරණය විසින් රිෂාඩ් බදියුදින් මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව දුන් නඩු තීන්දුව මේ රටේ ඓතිහාසික නඩු තීන්දුවක්.
ඉවක් බවක් නැතිව පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව හොඳ පුර්වාදර්ශයක් එමගින් ලබා දි තිබෙනවා.
සමහරු හිතාගෙන ඉන්නේ නිලබලය, ධනබලය තිබුනාම අපරාධ කරලා බේරිලා ඉන්න පුලුවන් කියලයි. විල්පත්තු වන විනාශය ගැන මේ රටේ සියලුම ජනමාධ්‍ය විසින් ගෙන ගිය සාක්ෂි සහිත වාර්තාකරණය නිසා රටේ සියලුම ජනතාවගේ ඇස් කල්ලාරු වන විනාශය දෙසට යොමු වුනා. ඒ සම්බන්ධව කටයුතු කළ සියලුම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදින්ට ඒ ගෞරවය හිමි විය යුතුයි. නමුත් එවැනි වනාන්තර විනාශයක් සිදු වි තිබියදීත් එවැන්නක් නොවු බවට සාධාරණීකරණය කළ පුද්ගලයිනුත් හිටියා.
සමහර පුද්ගලයින් විසින් වර්තමානයේ දීත් යම් යම් ස්ථානවල වනාන්තර විනාශ කරනවා. පුත්තලම වනාතවිල්ලුව, ආනවිලුන්දෑව මෙන්ම මුන්දලම වැනි ස්ථානවලත්, මුතුරාජවෙළ අභයභූමියේත් ඇතැම් අය කරන පරිසර විනාශයන් සම්බන්ධවත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. සමහර නිලධාරිනුත් ඊට සම්බන්ධයි. නිලබලය හෝ ධනබලය අපිට වැඩක් නෑ. කවුරු වුනත් පරිසරය විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා නම් ඊට එරෙහිව පියවර ගන්නවා.
ඒ නිසා පරිසරය විනාශ කරන්නන්ට මෙම නඩු තීන්දුව හොඳ පුර්වාදර්ශයක්. එවැනි තින්දුවක් ලබා දිම මගින් පෙනි යන්නේ මෙරට අධිකරණ පද්ධතිය සැබවින්ම තවමත් ශක්තිමත්ව ක්‍රියාත්මක බව යැයි ද අමාත්‍යවරයා කීය.