කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මේ තීරණය ගෙන තිබේ.
මහජනයා විශාල වශයෙන් එක් රැස්වීම රෝග ව්‍යාප්තියට හේතුවන බව දැනුම් දී තිබුණ ද විදේශීය සංචාරකයන් කණ්ඩායම් වශයෙන් රට තුළ ගමන් බිමන් කරන බවට තොරතුරු ලැබී ඇත. මෙරට වැසියන් ද විනෝද චාරිකාවල නිරත වෙමින් සිටිති. එවැනි ඒකරාශීවීම් නතර කළ යුතුව තිබේ.
ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටී.