මහනුවර මොහොමඩ් ආසික්
වෙනත් පක්ෂවලින් තරඟ කර පාර්ලිමේන්තුවට එන කිසිදු මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රජයට එක් කර නොගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය
අද 22 සවස අකුරණ ප්‍රදේශයේ පැවැති පාක්ෂික හමුවක් අමතමින් දිලුම් අමුණුගම මහතා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
මේ ආණ්ඩුව පොහොට්ටුවෙන් ඡන්දය දිනලා එන නායකයෝ ගන්නවා මිසක් පාර්ලිමේන්තුවට ගිහින් එහා පැත්තේ ඉන්න මන්ත්‍රීවරුන් අර ගෙන මේ ආණ්ඩුව ඇමතිකම් දෙන්නේ නෑ කියන එක සහතික වශයෙන් කියනවා.ඒ කාලය ඉවරයි. මුස්ලිම් ජනතාවට නියෝජිතයෙක් ඕන නම් ඒ අයට පුළුවන් පොහොට්ටුවට කතිරය ගහලා අපි දාල ඉන්න අපේක්ෂකයා පත් කරන්න. ඒ අපේක්ෂකයා මන්ත්‍රී කෙනෙක් වෙයි.මුස්ලිම් කෙනෙකු ඇමති කමක් දෙන්න ඕන වුනොත් ඇමතිකමකුත් ලැබෙන්න පුළුවන්. අනෙක් පක්ෂවලට කතිරය ගහල දිනල එන අය ආණ්ඩුවට ඇමතිවරුන් පත් කර ගන්නා යුගය දැන් අවසන් බවද මෙහිදී දිලුම් අමුණුගම මහතා කීය.