ඉඩම් සහ නිවාස නොමැති වනජිවි නිලධාරින්ට ඔවුන් පදිංචි දිස්ත්‍රික්ක වලම නිවසක් ඉදි කර දිමට කටයුතු කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පා.ම සහ නිවාස සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එකඟතාවය පළ කර ඇති බව සමස්ත ලංකා එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉකුත් 8 වෙනිදා යාල වනජිවි උද්‍යාන මුලස්ථානයේ පැවති වනජිවි නිලධාරින්ගේ අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තම සංගමය විසින් ඉදිරිපත් කල යෝජනාවට අමාත්‍යවරයා එකඟතාවය පළ කල බවයි.
දිවයින පුරා නිවාස සහ ඉඩම් නොමැති වනජිවි නිලධාරින් 400 දෙනෙකු පමණ සිටින බවත්, එම සියලු දෙනා වෙනුවෙන්ම නිවාස ඉදි කර දිමේ ව්‍යාපෘතිය මේ වසරේම ආරම්භ කිරිමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එකඟ වු බවයි.
පරිසරය ගහකොළ සතා සිවුපාවුන් සමඟ රාජකාරි කරන වනජිවි නිලධාරින් දුෂ්කරතා රාශියක් මධ්‍යයේ රාජකාරි කරන බවත්, එසේ රාජකාරි සිදු කර ලබා ගන්නා වැටුපෙන් ඉඩමක් මිලදි ගෙන නිවසක් ඉදි කර ගැනිමට නොහැකි නිලධාරින් විශාල පිරිසක් වනජිවි දෙපාර්තමේන්තුව තුළ සිටන බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
එවැනි නිලධාරින් වෙනුවෙන් රජය මගින් නිවාස යෝජනා ක්‍රමයක් ක්‍රියාවට නැංවිමට කටයුතු කිරිම වනජිවි නිලධාරින් අගය කරන බවයි සමස්ත ලංකා එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.