යාල ජාතික වනෝද්‍යානයට අයත් කටගමුව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී දඩයක්කරුවන් සහ වනජීවි නිලධාරින් අතර ඊයේ (1දා) රාත්‍රී සිදුවූ වෙඩි හුවමාරුවකින් දඩයක්කරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බව වනජීවි නිලධාරිහු කියති.
මේ දිනවලදී යාල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව බහුල ලෙස දඩයම් කිරීම් සිදුවීම හේතුවෙන් වනජීවි නිලධාරින් ඊයේ රාත්‍රී කාලයේ යාල ජාතික වනෝද්‍යානය තුළ වැටලීමක් සිදුකර තිබිණි.
යාල ජාතික වනෝද්‍යානයේ කටගමුව ප්‍රදේශයේදී දඩයක්කරුවන් විසින් දඩයම් කළ මුවන් දෙදෙනකු මස්කරමින් සිටියදී එම ස්ථානයට වනජීවි නිලධාරින් එන බව දුටු ඔවුන් නිලධාරින්ට වෙඩි තබා ඇති අතර වනජීවි නිලධාරින්ද දඩයක්කරුවන්ට වෙඩි තබා තිබේ. එම අවස්ථාවේදී එක් දඩයක්කරුවෙක් තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනකු ගිනිඅවියද රැගෙන පලා ගොස් ඇතැයි නිලධාරිහු කියති.
කිසිදු වනජීවි නිලධාරියකුට මින් තුවාල සිදුව නොමැති අතර තුවාල වූ දඩයක්කරුවා කතරගම රෝහලට ඇතුළු කිරීමට වනජිවි නිලධාරිහු පියවර ගෙන තිබිණි.
අනීෂා මානගේ