වනඅලි පහර දිමකින් උණුසුම් වු මහකුඹුක්කඩවල
මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්රදේශයේදී අද (10) දින අලුයම් කාලයේදී ඇතෙකුගේ ප්රහාරයට ලක්වීමෙන් පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව මුන්දලම පොලීසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මහකුඹුක්කඩවල ප්රදේශයේ පදිංචිකාර (40) එක්දරු පියෙකු වන බී.එම්.සංජීව බාලසූරිය යන අයෙකි.
මොහු පුද්ගලික ඇගලුම් කම්හලක සේවය සදහා යමින් සිටියදී මෙසේ අලි ප්රහාරයට ලක්ව මරණයට පත්ව ඇත .
අදාල මරණකරු සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්රදේශයේ ප්රධාන මාර්ගය අසල මෙසේ මරණයට පත්ව තිබුණි.
ජනතාව චෝදනා කරන්නේ මාස කිහිපයක් ඇතුළත මහකුඹුක්කඩවල අවට ප්රදේශයන්හී පුද්ගලයින් සිවු දෙනෙකු වනඅලින්ගේ පහර කෑමට ලක්ව මරණයට පත්ව ඇති බවයි.
පසුව අදාල සිරුර තිබූ ස්ථානයට රැස්වූ 1000ට ආසන්න පිරිසක් එක් රැස්ව වනජීවි හා වන සංරක්ෂණ ඇතුළු නිලධාරින්ට චෝදනා නගමින් එම ස්ථානයේ හැසිරිමත් සමග උණුසුම් තත්ත්වයක් මතුව තිබුනී.

popular news
-
Kumar Monday, 10 August 2020 09:30 PM
Village folks are always ready to assault anybody any time.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

