මත්තල - කතරගම මාර්ගයේ ලුණුගම් වෙහෙර 22 කණුව ආසන්නයේදී කතරගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 9 දෙනාම තුවාල ලබා ඇති අතර ඔවුන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනෙක් පුද්ගලයන් තිදෙනා හම්බන්තොට හා දෙබරවැව රෝහල්වලට වැඩිදුර ප්රතිකාර සඳහා යොමුකර තිබේ.
වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බවට අණාවරණය වි ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඡායාරූප රාහුල් සමන්ත