Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
වෙනත් රටක මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ වා නම් සියලු දෙනාම ඉල්ලා අස්වෙන බවත් ලංකාවේ එවැනි දෙයක් ලංකාවේ සිදුනොවන නිසා ඔවුන්ට තම තනතුරුවල රැඳී සිටිය හැකි බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය දැඩිව විවේචනය කිරීමට ඔහු කටයුතු කළේය.
“ එල්.ටී.ටී.ඊ. යට මේ තත්ත්වයට එන්න ගොඩක් කාලයක් ගියා.මේ අය එතනින් පටන් ගෙන තිබෙනවා. නමුත් මේ සංවිධාන දෙකේ අරමුණු දෙකක්.
තරුණයන් පිරිසක් නොමග ගොස් තිබෙනවා ඒ ගැන කනගාටුවෙනවා. මේක දරුණු විෂබීජයක්. ජනතාවගේ ජීවිත අවිනිශ්චිතව තිබෙනවා.
දැන් ආයෙත් අම්මයි තාත්තයි වාහන දෙකක වැඩට යනවා. දරුවෝ දෙන්න වෑන් දෙකක පාසල් යනවා. දැන් ජනතාව පරීක්ෂා කරන්න වෙයි. ආරක්ෂක කපොලු අරින්න වෙයි.
යුද්දෙ ඉවරවුණාම කානිවල් එකක් වගේ ජීවත් වුණා. ආර්ථිකයක් වශයෙන් ඉදිරියට යනවානම් ආරක්ෂාව අංක එකට තිබෙන්න ඕන. කාටවත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ. ජාතික බුද්ධි ප්‍රධානී යොමුකළ ලිපියක් ජනපතිට යනවා. ආරක්ෂක කවුන්සියේ මේ ගැන කතා වෙන්න ඕන.
පොලිස්පති ඉවත් කළා කියලා මේ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ. බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුව තිබුණා.
බුද්ධි අංශ භාවිත කළේ අපෙන් පළිගන්නනයි. මෙකෙන් 7ක් 8ක් මැරුණත් තවත් 300ක් 400ක් විතර ඉන්නවා. මේක අවුරුදු ගාණක් තිස්සේ ආපු එකක්.
මෙතන පිළිගන්න නායකයෙක් ඉන්නවා. ජනාධිපති ගැන ප්‍රශ්ණයක් නෑ. මේක වුණාට පස්සේ එයා සිංගප්පූරුවේ සිට ආවේ රෑ 12ට. නමුත් හවස තුනට හා රාත්‍රී 9ට සිංගප්පූරුවෙන් ලංකාවට එන්න ගුවන් යානා තිබෙනවා.
ජනාධිපති බයි පාස් එකක් කරලා තිබුණානනම් එහෙම හැකියාවක් නැති වෙන්න තිබුණා. ජනාධිපති දුර්වලයි නම් අපිත් දුර්වලයි. කැබිනට් මණ්ඩලයත් දුර්වලයි.
ආරක්ෂක අමාත්‍යාංශය හා ආරක්ෂක ලේකම් වගකීම පැහැර හැර තිබෙනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය දරණ අය මගේ යාලුවෝ තමයි නමුත් ඒ අයට අත්දැකීම් නෑ.
මේ කාරණාවලට මෝරපු මිනිස්සු දාන්න ඕන. මෙහෙමගියොත් අලවංගු විතරක් ඉතුරුවේවි. දන්න පණ්ඩිතයෝනේ ගොඩක් මෙතන ඉන්නේ. මම ෆීල්ඩ් මාෂල් වුණේ කඩල විකුණලා නෙමයි. මගේ ප්‍රෙයාජන ගන්න.අපි වැඩ කරන්න ලෑස්තියි.”
popular news
supun Wednesday, 24 April 2019 12:31 PM
denwath me manussayata baaradeepallako..
Reply : 62 214
Lion Wednesday, 24 April 2019 02:25 PM
ඔබට මේ රට eda baranodipu eke prathipala thamai මේ අප අත්විඳින්නේ
Reply : 53 123
Champa Thursday, 25 April 2019 11:21 AM
ඕව දැන් කතා කරලා වැඩක් නැහැ. මෙතන ඊට වඩා බරපතල දෙයක් සිද්ධ වෙන්න යනවා. මේ බෝම්බ ප්‍රහරේ පිටිපස්සේ ඇමරිකාවයි ඉන්දියාවයි ඉන්නවා. රනිල්ට SOFA ගිවිසුම අත්සන් කරන්න පාර හදල දෙන්නයි මේක කරේ. රනිල් කොළොඹ ඉඳන් ත්රිකුනමලේට ඉඩම අක්කර ලක්ෂ 12ක් දෙන්න කැමති වෙලා ඉවරයි. ඇමරිකාව මේක ඇත අරින්නේ නැහැ. මේ ගැන CT එකට මාගල් ගණන් ලිව්වා ආයේ ලියන්න කම්මැලියි. වහල් ආණ්ඩුව facebook, websites block කරලා හින්ද මිනිස්සුන්ට තොරතුරැ යන්නෙත් නැහැ. ඇමරිකන්කාරය FBI එක එවලත් ඉවරයි. බ්‍රිතාන්‍යයත් කණ්ඩායමක් එවල. එකපාරට වුනා නම් මෙම්හෙම වෙන්නේ කොහොමද? මේ ඔක්කොම කලින් plan කරපුව. හෝටල් වලට ගැහැව්වේ විදේශිකයන්වත් මරන්න. එතකොට ඇමරිකාව FBI එවන්න පුළුවන් වෙන්න මේක රනිල් මෛත්‍රී දෙන්නම එකතු වෙලා කරන වැඩක්. රටට පෙන්නන්නේ මෛත්‍රී මුකුත් දන්නේ නැහැ කියල. මේ "අද" පත්තරේ විතරක් බලන්න. හැම තහනම් කියනව සැක සහිත යතුරු පැදියක්. සැක සහිත මිනිස්සු හම්බ වුන අරක මේක. මේ හදන්නේ දිගටම මිනිස්සුන්ව මේක ගැන විතරක් අවධාන තියාගන්න. මම හිතනවා බෝම්බ බිය ඉවරයි කියල. නමුත් රනිල්ගේ යටිකූටු වැඩපිළිවෙලේ හැටියට නම් මහජන අවධානය බෝම්බ එක්ක තියෙන්න ඕනේ.
Reply : 20 2
චිත්‍රානන්ද Saturday, 27 April 2019 05:34 AM
ඔබතුමීට ඔයතරම් විශ්වාශ නම් මේ දේ උනේ මෙහෙමයි කියලා ගිහින් පැමිණිලි කරන්න පුළුවන්.අපි බොහෝ වෙලාවට මිනිස්සුන්ව හංවඩු ගහන්න පුරුදුවෙලා ඉන්නේ.රනිල් ගත්තම එයාට ගහලා තියෙන හංවඩුව තමයි දේශීය සම්පත් විදේශිකයන්ට විකුනනවා කියන එක.එහෙම එක් පුද්ගලයෙකුට පුලුවන්ද රටේ සම්පත් ඔය කියන තරම් විකුනන්න?අනික මම හිතන්නේ නැහැ මිනිස්සු මරලා බලයේ ඉන්න ඔය කවුරුත් උත්සහා කරයි කියලා.මේ ප්‍රශ්නේ දිහා බුද්ධ්මත්ව හිතන්න ඕන.මුස්ලිම් අන්තවාදීන් කොටසක් විසින් තම ආගම නිවැරදි ලෙස හඳුනා නොගෙන තවත් ආගමක් යටපත් කරන්නට සහ බටහිර විරෝධය පෙන්වීමක් මෙහි අඩංගු අතර අප රටේ පවතී නිදහස් වාතාවරණය මොවුන්හට සංවිධානය වීමට මහත් පිටිවහලක් විය.එසේම පුද්ගලයන් වශයෙන් ඔබත් මමත් අපගේ විමසිලිමත් භාවය නොපවත්වගෙන යාමද මෙයට එක් හේතුවකි.
Reply : 0 1
whp Thursday, 25 April 2019 12:31 PM
සරත් ෆොන්සේකා මහතාණනි ඔබගේ කතාව සම්පුර්ණ ඇත්ත. මේ මිනිස්සු බලයට ප්‍රෙරේත කමේ ඉන්නේ රටේ ජනතාව ගැන කිසිම ගානක් නැහැ.මේ මිනිස්සු හිතන්න ඕනේ අපිට චන්දෙ දුන්න ජනතාව නේ මේ මැරෙන්නේ. මුන්ට ගානක් නැහැ මහත්තයෝ.ඔබේ කටේ මසුරන් දාන්න ඕනේ. ආරක්ෂක අමාත්‍ය අංශය දැන්වත් මේ මතයට දෙන්නකෝ.
Reply : 0 102
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd