වන අලි පළවා හැරීමෙන් වනජිවි නිලධාරින් ඉවත්වෙයි
වනජිවි නිලධාරින්ට ව්‍යාජ තොරතුරු ලබා දි වන අලින් පලවා හැරිමේ කටයුතු කඩාකප්පල් කිරිම නිසා වන අලින් පලවා හැරිම් සිදු නොකිරිමට නිලධාරින් තිරණය කර ඇති බව මාතලේ රජ්ජම්මන වනජිවි අඩවි කාර්යාලය කියයි.
ඉකුත් 20දා පස්වරුවේ මාතලේ ඉඹුලන්දණ්ඩ ,වාවන්නාවත්ත ආදි ප්‍රදේශවලට පැමිණි වන අලි පලවා හරිමින් සිටියදි ඉඹුලන්දණ්ඩ ප්‍රදේශවාසින් විසින් වනජිවි නිලධාරින්ට බොරු තොරතුරු ලබා දි පුද්ගලයකුට වන අලි පහරදි මරණයට පත්ව ඇති බව දැනුම් දි ඇති අතර එම ස්ථානයට ගිය වන ජිවි නිලධාරින් පහරකැමට ලක්වු බව කියන අයෙකු වාහනයේ නංවාගෙන යමින් සිටියදි එම පුද්ගලයාට ප්‍රදේශවාසින් එක්ව පහර දි ඇති බවත් ඔහු රෝහල් ගත කළ බවද වන ජිවි නිලධාරියෙකු පැවසිය.
මෙම ව්‍යාජ තොරතුරු ලබා දුන් බව කියන පිරිස සන්තකයේ කොටි දත් තිබි මිට පෙර අවස්ථාවකදි අත්අඩංගුවට ගත් අය බවද වනජිවි නිලධාරින් කියයි.
මෙසේ හැසිරුණු පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට පැමිණිලි කළ බවත් නිතිය සාධාරනව සිදු වන ඇති බවද නිලධාරින් විශ්වාසය පළ කරයි.
මෙසේ ප්රදේශවාසින්ගේ හැරිසිම කිසිසෙත් අනුමත නොකරන බවත් කොවිඩ් තත්වය හමුවේ තම ජිවිත ගැන නොසිත රාජකාරි සිදු කරන බවත් ජනතාවගේ මෙවැනි ක්‍රියා පිළිකුල් සහගතව හෙලා දකින බව මාතලේ රජ්ජම්න වනජිවි කාර්යාලයේ අඩිව ආරක්ෂත එම්.බි.පි විජේකොන් මහතා පැවසිය.
මහේෂ් කීර්තිරත්න
popular news
-
val ali api Wednesday, 22 September 2021 04:35 AM
api nemeyi ape pradeshaye anavasarayen padinchchi vana kakul deken hitagena avidina sathun palava harinna meka ape nijabima vanajiviya api rakinavada api elavanavada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

