වන අලි සමීක්ෂණය කල් දමා තිබෙන හෙයින් මේ මස 23, 24 හා 25 දා යන තෙදින තුළ වනඋද්යාන සංචාරක නිවෙස්න වෙන්කර ගත හැකි බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉහත දින තුන තුළදී වන අලින් ගණනය කිරීමට සැලසුම්කර තිබුණ නිසා වනඋද්යාන තුළ ඇති සංචාරක බංග්ලා සංචාරයකයන්ට ලබානොදීමට මීට ඉහතදී තීරණයක් ගෙන තිබුණි.
වන අලි සංගණනය කල් දැමීමට කටයුතු කළත් 23 දා සිට අලි ඇතුන්ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ මෙන්ම අලි ඇතුන් පිළිබඳව ජනතා අදහස් ලබාගැනීම සිදුකරන බවත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.