විධායක ජනපතිධුරය අහෝසි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්තක් ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
අද කොළඹදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉතාමත් දැඩි මතයක් රටේ තිබෙනවා. අපගේ පක්ෂය 2014 දී යෝජනාවක් අනුමත කර තිබෙනවා ජනාධිපතික්රමය අහෝසි කිරීමට.
ජනාධිපතික්රමය අහෝසි කිරීමට ඕනෑම පියවරක් ගැනීමට ඕනෑම සහායක් ලැබෙනවා. පක්ෂයේ මතය එයමයි.
ජනාධිපතිතුමාගෙත් විශාල බලාපොරොත්තුවක් තිබෙනවා ජනපතික්‍රමය අහෝසි කරන්න. එතුමා ආවේ ජනපතික්‍රමය අහෝසි කරන්න”