විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡාවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොහෝ උත්සාහයන් ගත් බවත්, එහෙත් පාර්ලිමේන්තුව එයට උනන්දුවක් නොදැක්වූ බවද පවසා සිටියේය.
මේ නිසා මෙතැන් පටන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සාකච්ඡාවලින් ඉවත්වන නමුත් මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය නොදක්වන බවට චෝදනා එල්ල නොකරන ලෙසද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී දිසානායක මහතා සඳහන් කළේය.