විධායක ජනපතිධුරය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීන්ගේ විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරණයට ප්‍රථමව විධායක ජනපතිධුරය අහෝසි කිරීම පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහළම තනතුරු දරන්නන්ගේ අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් විධායක ජනපතිධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තිබෙන ඇතැම් මන්ත්‍රීවරුන්ද විධායක ජනපතිධුරය අහෝසි කිරීමට විරෝධතා දක්වා තිබේ.
එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම අපහසු කරුණක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.