විදේශගත ශ්‍රමිකයන්ගේ මෙරට බැංකු ගිණුම්වල මුදල් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් පස්දෙනෙකු කූඨ ලේඛන හා ව්‍යාජ රියැදුරු බලපත්‍ර තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අන්තර්ජාලය ඔස්සේ විදේශගත ශ්‍රමිකයන්ට නව සහන පොලී අනුපාත යටතේ ණය ලබාදෙන බව පවසා ශ්‍රමිකයන්ගේ මෙරට ගිණුම්වල තොරතුරු ලබාගෙන මුදල් වංචා කර තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සැකකරුවන් සතුව තිබී ව්‍යාජ රියදුරු බලපත් සකස් කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, බැංකු කාඩ්පත්, රියැදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා ලැමිනේට් කිරීමට භාවිත කරන උපකරණ, රියැදුරු බලපත්‍ර මුද්‍රණයට යොදා ගන්නා කාඩ්පත් නවසිය විසිපහක්, ව්‍යාජ රබර් මුද්‍රා 02ක්, ව්‍යාජ ලෙස සකස් කළ රියැදුරු බලපත්‍ර හැට එකක්, ජාත්‍යන්තර රියැදුරු බලපත්රපහක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරවඅදාළ ජාවාරමට යොදාගත් කාර් රථයක් සහ වෑන් රථයක්දපොලිස් භාරයටගෙන ඇත.
අදාළ සැකකරුවන් පිටබැද්දර,නාරාහේන්පිට, වැල්ලම්පිටිය ප්‍ර‘දේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් පස්දෙනාම අදාළ ප්‍ර‘දේශවලදී කිරුළපන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් විසින් ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනයක් ආකාරයට අන්තර්ජාලයේ පළකළ නිවේදනයක් මගින් හා %එන්ටර්ප්රයිස්^ වැඩසටහන යටතේ සහන පොලියට ණය ලබාදෙන බව පවසමින් මෙම වංචාව සිදුකර ඇති බවත්, විදේශගත ශ්‍රමිකයන්ගේ මෙරට සිටින ඥාතීන් හරහා ගිණුම් ආරම්භ කර ගිණුමේ තොරතුරු ජාවාරම්කරුවන් ලබාගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව ණය අනුමත වී තිබෙන බැවින් ණය ලබා ගැනීමට ණය මුදලින් සියයට දහයක් අදාළ ගිණුමේ තැන්පත් කරන ලෙස ඉල්ලා මෙම ජාවාරම් සිදුකර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන බවට තිබෙන නිවේදනවලට රැවටීමකට ලක් නොවන ලෙසත්, රජයේ නිල වෙබ් අඩවිවල තිබෙන තොරතුරුවලට අනුව පසු විපරම් කිරීමෙන් අනතුරුව පෞද්ගලික තොරතුරු ලබාදෙන ලෙසටත් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දික හේවාවිතාරණ/මත්තෙගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න/ බිමල් ශ්‍යාමන් ජයසිංහ