කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 48 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,708 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 24 කින් ගුවන් මගීන් 1,363 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඒ අතර කටාර් රාජ්‍යයේ දෝහා සිට 173 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ගුවන් යානා 02 කින් 232 දෙනෙකු ද පැමිණ තිබුණි .
එසේම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 1,345 දෙනෙකු ගුවන් යානා 24 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඒ අතර සෞදි අරාබියේ රියාද් වෙත 183 දෙනෙකු ද , ඉන්දියාවේ චෙන්නායි වෙත 157 දෙනෙකු ද , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත 153 දෙනෙකු ද කටාර් රාජ්‍යයේ දෝහා වෙත 102 දෙනෙකු ද සිටියහ .
එමෙන්ම මෙම කාළසීමාව තුළ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා විදේශීය සංචාරකයන් 80 දෙනෙකු ඉන්දියාව , මාලදිවයින ඇතුළු රටවල් රැසකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .