විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් 12,000කට ආසන්න පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එමෙන්ම කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් 30,000කට අධික පිරිසක් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසීය.
'අද' කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විදෙස්ගත පුද්ගලයන් ලබාදුන් තොරතුරු අනුව මෙම දත්ත ලබාගැනීමට හැකි වූ බවයි.
ජෝර්දානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකට එරට පොලීසිය පහරදීමේ සිදුවීමේ නවතම තත්ත්වය පිළිබඳ අප කළ විමසීමේ දී රන්දෙණිය මහතා පවසා සිටියේ, ඔවුන් පිළිබඳ නිරන්තර සොයා බැලීම් එරට තානාපති කාර්යාලය හරහා සිදු කරන බවත්, මේ වනවිට ඔවුන් ආරක්ෂිතව සිටින බවත්ය.
ඩුබායිහි අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳවද නිරන්තර සොයා බැලීම් සිදු කරන බවත්, ඔවුන්ගෙන් පිරිසක් 31දා, 01දා යන දෙදින තුළ මෙරටට ගෙන්වීමට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු සූදානම් කරමින් සිටින බවත් රන්දෙණිය මහතා කියා සිටියේය.