විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයින් මෙරටට එවනු ලබන විදේශ මුදල් (ප්‍රේෂණ), එම සේවා නියුක්තිකයින් හෝ ඔවුන්ගේ ප්‍රතිලාභීන් විසින් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් දෙක (රු.2.00) ක දිරිදීමනාවක් ගෙවීමට රජය විසින් 2021 අයවැය මඟින් යෝජනා කරන ලදී.
මෙම යෝජනා ක්‍රමය, බලපත්‍රලාභී බැංකු හරහා ක්‍රියාත්මක කරනු ලබන අතර එම දිරිදීමනාව ගෙවීම සඳහා වැයවන පිරිවැය රජය විසින් දරනු ලැබේ. මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මෙහෙයුම් උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ඇත.
තමන් සතු අරමුදල් සුරක්ෂිත ප්‍රභවයන් හරහා මෙරටට එවීමටත් (ප්‍රේෂණය කිරීමටත්) එම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේදී වැඩි මුදලක් උපයා ගැනීමටත් හැකි මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස විදේශයන්හි සේවය කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.