විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩිකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එසේ පැමිණෙන සියලු දෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවත් ගෙවීම් කරන නිරෝධායන මධ්‍යස්ථාන තළ නිරෝධානය වීම අනිවාර්ය නොවන බවත් ඔහු පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වාර ගණන ඉදිරි සතියේ සිට වැඩි කරන අතර පැමිණෙන සියලුදෙනා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ.ගෙවීම් සිදුකරන නිරෝධායන මධ්‍යස්ථාන(හෝටල)නිරෝධායනය කිරීම අනිවාර්ය නොවන අතර මේ ගැන දැක්වූ කැපවීම ගැන මා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ට ස්තූතිවන්ත වනවා.”