විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය විදේශ අමාත්‍යාංශයේදී හමුවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ, රට තුළ සිදුවන විවිධ ධනාත්මක වර්ධනයන් පිළිබඳව එහිදී අමාත්‍යවරයා විසින් තානාපතිවරිය දැනුවත් කෙරිණි. සංවර්ධන ආධාර ඇතුළුව ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.
එමෙන්ම, එක්සත් ජනපදයේ සහාය ලබා ගැනීම සඳහා වන ප්‍රමුඛතා ක්ෂේත්‍ර ලෙස දේශගුණික විපර්යාස, හරිත බලශක්තිය සහ තොරතුරු තාක්ෂණය හඳුනා ගැණිනි.