කල්පිටිය ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රිවරයකු ඇමෙරිකාවේ නිෂ්පාදිත රිවෝලවරයක් හා උණ්ඩ තොගයක් සමග නාවික හමුදා බුද්ධි තොරතුරකට පුත්තලම විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද අලුයම අත් අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව පෙරක්කුවටාන පදිංචි ඉඩම් හිමි ව්යාපරිකයකු වන පුද්ගලයකු බව කියයි.
අදාල සැකකරු කල්පිටිය ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිවරයකු ලෙස කලක් කටයුතු කල අයකුද වෙයි.
ලැබුණ තොරතුරක් මත නාවික හමුදාවේ උඩප්පුව බුද්ධි ඒකකයේ තොරතුරකට විශේෂ කාර්ය බලකාය විසින් සිදුකල මෙහෙයුමකදි නීතිවිරෝධිව කිසිදු අවසරයකින් තොරව ඇමෙරිකාවේ නිෂ්පාදිත රිවොල්වරයක් හා එයට යොදන7.9 ජීව උණ්ඩ දෙකක් හිස් පතොරම් දෙකක් හා බර ගිනි අවියක් වන එම්.පි.එම්.ජී ජීව පතොරම් 1ක් 6.35 ජීව පතොරම් 07 ක්,7.65 ජීව උණ්ඩ 03ක් ,.22 ජීව පතොරම් 3ක් බොර 12 ගිනිඅවියට යොදන ජීව පතොරම් 8ක් හිස් පතොරම් 22 ක් නීති විරෝධි ලෙස සගවා තිබියදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසය.
අදාල සැකකරු මෙයට පෙර තම ඉඩමට ගවයින් පනින බවට කීපි ගවයකු වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියකටද චෝදනා එල්ල වි ඇති බව උඩප්පුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුනී.