තිරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සුඛෝපභෝගි මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි චින ජාතිකයෙකු කොල්ලුපිටියේදි ප්රදේශයේදි අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
චින ජාතිකයා සමඟ දුම්වැටි හය දහස් අසුවක් පොලීසිය භාරයට ගෙන තිබේ.
කොල්ලුපිටිය ප්රදේශයේ වෙළඳ සැලකට මෙම විදේශිය දුම්වැටි රැගෙන එන බවට ලද තොරතුරක් මත කොල්ලුපිටිය පොලීසිය විසින් මෙම වැටලිම සිදු කර තිබේ.
මෙම චින ජාතිකයා කොන්ත්රාත් සමාගමක කළමනාකරණ තනතුරක් දරන්නෙකු බව පොලීසිය පවසයි.