මෙරට රැඳී සිටින විදේශිකයින්ගේ වීසා බලපත්රවල වලංගු කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ අද (09) සිට ලබන මස 08 වන දින දක්වා වීසා බලපත්රවල වලංගු කාලය දිර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවය.
කොවිඩ් -19 වසංගත තත්ත්වයත් සමඟ මෙරටට පැමිණ සිටින විදේශිකයින් විසින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසා බලපත්රවල වලංගු කාලය පසුගිය මැයි මස 11වන දින සිට දිර්ඝ කිරීමට පියවර ගෙන තිබුණි.