දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ජනාධිපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළේය.
එමෙන්ම දෛනික විදුලි බල අවශ්‍යතාවය අඛණ්ඩව සැපයීම වෙනුවෙන් විකල්ප බලශක්ති උපයෝගිකර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.