මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත් කළ නිලධාරියා නැවත එම තනතුරට පත්කර තිබෙන නිසා එයට එරෙහිව 10 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
අඩු වියදම් 20 අවුරුදු විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට බාධා කළ මෙම නිලධාරියා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ග නිසා ඉවත් කළ බවද එම සංගමය පෙන්වා දෙයි.
මේ අනුව 20 අවුරුදු ජනන සැලැස්ම ක්‍රියාත්මක කළ බවත්, මෙම සැලසුමට අනුව මෙගාවොට් 196 බලාගාර 05ක් සකස් කිරීමට සැලසුම් කර තිබෙන බවත් එම සංගමය සඳහන් කරයි.
මේ අනුව මෙගාවොට් 24 විදුලි බලාගාර 04ක් හා මෙගාවොට් 100 බලාගාරයක් කඩිනමින් ඉදිවන බවත්, මෙම නිලධාරියා පත් කිරීම හරහා එම කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.
මේ නිසා නිලධාරියා අදාළ තනතුරින් ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට තිරණය කර තිබෙන අතර, අදාළ ක්‍රියාමාර්ග ඉදිරි පැය 48 තුළ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.
එම ක්‍රියාමාර්ගය 10 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටත්, මුලින්ම සාමාන්‍ය ලෙස ක්‍රියාමාර්ග ගෙන පසුව සේවයෙන් ඉවත්ව සිටිමේ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමටත් සැලසුම් කර තිබේ.