විදුලි වෘත්තීය සමිති විසින් සියළු විදුලි සේවකයින් අද කොළඹට කැඳවා තිබෙනවා.
ඒ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොළඹ විදුලිබල මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් සඳහායි.
අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලි සේවකයින් මෙම විරෝධතාවට එක්වන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ.
සිය ඉල්ලීම්වලට බලධාරීන් ප්රතිචාර නොදක්වන්නේ නම් එක්දින වැඩ වර්ජනය සඳහා දින නියම කරන බවද ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් වැඩිදුරටත් සදහන් කළේය.